- කුවේට් අගමැති හා ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක්
- සියලුම රාජ්‍ය ආයතනවලට අභ්‍යන්තර කටයුතු ඒකකයක්
- වැඩිම සුනඛ සපාකෑම් ගම්පහෙන්
- අදත් ප්‍රදේශ රැසකට වියළි කාලගුණ තත්ත්වයක්
- ගනේමුල්ලේ සංජීවගේ ඝාතනය සිද්ධියට අනුබල දුන් කාන්තාව සෙවීමට මහජන සහය පතයි
- ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ලාංකික පාතාල සාමාජිකයින් දිවයිනට රැගෙන එයි
- විදේශිකයින් රැගත් ත්‍රීරෝද රථයක් අනතුරට
- ප්‍රවීණ ගායන ශිල්පිනි අමිතා වැදිසිංහ අභාවප්‍රාප්ත වෙයි
Author: Anura Premakumara
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය මහරගම අපේක්ෂා රෝහලේ ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය තෙවන දිනටත් අද ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අමතර සේවා සඳහා සිදු කළ ගෙවීම් නැවත අය කරගැනීම සහ ඉදිරි ගෙවීම් කප්පාදු කරමින් හිටපු සෞඛ්‍ය ලේකම්වරයා නිකුත් කර ඇති ලිපිය ඉවත් කරගන්නා ලෙස බල කරමිනුයි පෙරේදා දින ඔවුන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කරනු ලැබුවේ. මේ අතර එළඹෙන 10 වන දා දින පස්වරු 4 සිට 12 වන දා මධ්‍යම රාත්‍රී 12 දක්වා දිවයින පුරා වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ තීරණය කර තිබෙනවා. මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තැපැල්පතිවරයා වෙත ද ලිපියකින් දැනුම් දීමට කටයුතු කර ඇති බවයි…
පෞද්ගලික බස් රථවල වෝකි ටෝකි යන්ත්‍රයක් සවි කිරීමට ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ අවධානය යොමු වී තිබෙනවා. එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට බස් රථවල සිදුවන හිංසාකාරී සිදුවීම් මෙන්ම වෙනත් වංචාකාරී ක්‍රියාවන් වළක්වා ගැනීම මෙහි අරමුණ වන බවයි.
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේදී ජලසැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව හෙට පස්වරු 5 සිට එළඹෙන ඉරිදා දින පෙරවරු 9 දක්වා කාලය තුළ කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙලෙස ජලසැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සදහන් කළේ. අඹතලේ සැපයුමේ සිදු කරන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජලසැපයුම අත්හිටුවීමට සිදු වන බවයි වාර්තා වන්නේ.
යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසඳය සහ ගෝලීය ද්‍රවිඩ සංසදය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබෙනවා. ඒ අනුව ස්වාමීන්වහන්සේලා පිරිසක් සහ ගෝලීය ද්‍රවිඩ සංසදයේ සාමාජිකයින් පිරිසක් මෙලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ඇති බව සදහන්. එහිදී ප්‍රජා සුබසාධනයට ප්‍රමුඛත්වය ලබාදෙන බහුත්වවාදී ශ්‍රී ලංකාවක් ප්‍රවර්ධනය කරමින් උගත් පාඩම් හරහා වගවීමේ වැදගත්කම අවධාරණය කරනු ලබන “හිමාලයා ප්‍රකාශනය” ද ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබෙනවා .
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ලබන ජුනි මස පළමුවැනිදා ආරම්භ කරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා . එහි ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මහතා සඳහන් කළේ නවීනතම දොඹකර 6 ක් මගින් බහාලුම් මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන බවයි. මේ වනවිට නැගෙනහිර පර්යෙන්තයේ ඉදිකිරීම්වලින් සියයට 80 ක් පමණ අවසන් වී ඇති බව ද ඔහු ප්‍රකාශ කළා. ඉදිකිරීම් සඳහා වැය කෙරෙන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 825 ක් බවයි වාර්තා වන්නේ. නැගෙනහිර පර්යන්තයේ බහාලුම් මෙහෙයුම් ධාරිතාව වාර්ෂිකව ලක්ෂ 20 ක් බව ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා.
බොහෝ පළාත්වල අද දින දිවයිනේ පස්වරු1 න් පමණ පසුව තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වලත් ගාල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බව සදහන්. මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා . මේ අතර පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් බලංගොඩ – හැටන් ප්‍රධාන මාර්ගය අවහිර වී තිබෙනවා. අප වාර්තාකරු කියා සිටියේ අද උදෑසන පින්නවල ප්‍රදේශයේදී මෙම පස්කන්ද…
ගාසා තීරයේ දරුණු සටන්වලින් බේරීම සඳහා දහස් ගණන් ජනතාව දේශසීමා ආසන්නයේ පිහිටි රෆා නගරයට පැමිණෙමින් සිටින බව වාර්තා වනවා. කෙසේ වෙතත් රෆා හි ඔවුන්ට කිසිඳු පහසුකමක් නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. සටන්වලින් බේරීම සදහා රෆා නගරයට දස දහස් සංඛ්‍යාවක් පැමිණිය ද එම නගරයෙහි ආහාර හෝ විදුලිය නොමැති අතර උග්‍ර ජල හිඟයක් ද පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. දහස් ගණනකට නවාතැන් සෙවීම මෙන්ම ළමුන්ට පාසල් නොමැති වීම ද ගැටලුවක් බවයි ජගත් සංවිධානය පවසන්නේ. මේ අතර ඊශ්‍රායල හමුදාව උතුරු ගාසා තීරයේ වැසියන්ට ඛාන් යුනිස් නරගයට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණා. එහෙත් එම නගරයේ ද කිසිදු පහසුකමක් නොමැති බවයි වාර්තා වන්නේ.…
දියගල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා. ඒ අනුව පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි. පස්කන්ද කඩා වැටුණු ස්ථානයෙන් තවත් පස්කඳු කඩාවැටීමේ අවදානමක් පවතින නිසා ප්‍රධාන මාර්ගයේ පස් ඉවත් කිරීම තරමක් ප්‍රමාද වන බවද මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කර තිබෙනවා. පොලීසිය පවසන්නේ කොළඹ සිට පැමිණෙන වාහන ලක්ෂපාන නෝටන්බි්‍රජ් මාර්ගයෙන් හැටන් වෙත පැමිණීමට හැකියාව පවතින බවයි. මේ අතර මහනුවර සිට පැමිණෙන රථවාහනවලට නාවලපිටිය දිඹුලපතන තලවකැලේ මාර්ගය භාවිත කිරීමේ හැකියාව පවතින බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
සීෂෙල්ස් රාජ්‍යයේ සිදුවූ විශාල පිපිරීමක් හේතුවෙන් එරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. සීෂෙල්ස් රාජ්‍යයේ ප්‍රධාන දූපතක පිහිටි කාර්මික ප්‍රදේශයක සිදුවූ දැවැන්ත පිපිරීමක් හේතුවෙන් මෙලෙස හදීසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. පිපිරීමට අමතරව එම රාජ්‍යයට පවතින අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්ත්වයක්ද හටගෙන තිබෙනවා. මෙම දූපතේ කන්ටේනර හතරක තිබු පුපුරණ ද්‍රව්‍ය මෙලෙස පිපිරීමකට ලක්ව ඇති අතර, එයින් අවට පිහිටි නිවාස වලට මෙන්ම මාර්ගයටද දැඩි ලෙස හානි සිදුව ඇති බවටයි වාර්තා වන්නේ. පිපිරීමෙන් ජීවිත හානි කිසිවක් සිදු නොවී ඇති අතර, එක් පුද්ගලයෙකු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
අබුඩාබි ටී 10 තරඟාවලියේ තවත් තරඟ තුනක් ඊයේ පැවැත්වුණා. එහිදී පැවති පළමුතරඟයෙන් දසුන් ශානකගේ හා කුසල් මෙන්ඩිස්ගේ දක්ෂතා හමුවේ චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 27ක ජයක් වාර්තා කිරීමටයි බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සමත් වුණේ. එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලා ටයිගර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුළු 05ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 126ක්. එහිදී දසුන් ශානක ලකුණු 34ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 32ක් රැස් කළා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චරිත් අසලංක නායකත්වය දරණ චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායමට පන්දුවාර 10 අවසානයේ කඩුළු 06ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 99ක් පමණයි. එහිදී චරිත් අසලංක පන්දු 26දී ලකුණු 55ක් රැස් කළා. මේ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222