Author: Anura Premakumara

අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කහතුඩුව හන්දිය අසලදී  සැකකරු අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 46ක් පමණ වන කහතුඩුව, පොල්ගස්ඔ්විට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ. කහතුඩුව සහ මොරගහහේන යන පොලිස් වසම්වල රාත්‍රී කාලයේ නිවෙස් හා වෙළෙඳ සැල් බිඳ මුදල් ඇතුළු දේපල සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගැනුණු සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කර ගත් තොරතුරු මත සැකකරු විසින් සොරකම් කරන ලද ජංගම දුරකථන දෙකක් හා තවත් දේපල කිහිපයක් සොයාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන්…

තව කියවන්​න

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි අධිවේගී මාර්ගයක සිදුවූ අනතුරක් හේතුවෙන්  පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් තිබෙනවා. අධිවේගී මාර්ගයක ධාවනය කරමින් පැවති මෝටර් රථයක් , ට්‍රක් රථයක  ගැටීම හේතුවෙන් මෙමෙ අනතුර සිදුව ඇති බවයි එරට මාධ්‍ය සඳහන් කලේ. අනතුරින් මියගිය පිරිස අතර කුඩා දරුවකුද වන බව සඳහන්.

තව කියවන්​න

අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම් පත්‍ර කැඳවීම ලබන වසරේ ජනවාරි මාසයේ සිට ආරම්භන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ පළමු අදියර ක්‍රියාත්මක කිරීමේදී ඇති වූ ගැටලු සහ විවිධ පාර්ශව විසින් ඉදිරිපත් කළ යෝජනා ද සැලකිල්ලට ගනිමින් දෙවන අධියර ක්‍රියාත්මක කරන බවයි. මේ අතර, ප්‍රතිලාභීන් දාහතර ලක්ෂ 69,032 ක් සඳහා ඔක්තෝම්බර් මස වාරික මුදල් ගිණුම්ගත කර අවසන් බව ද අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

තව කියවන්​න

චීන හමුදාව තම යාත්‍රා දෙකකට බාධා එල්ල කර ඇති බවට පිලිපීනය චෝදනා කරනවා. දකුණු චීන මුහුදේදී පිලිපීන යාත්‍රා දෙකක් චීනයේ බලපෑම්වලට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. චීනය විසින් පිලිපීන යාත්‍රා දෙකට ප්‍රභල ජල ප්‍රහාර එල්ල කරන අයුරු දැක්වෙන විඩියෝවක් ද නිකුත් කර තිබෙනවා. මෙය නීති විරෝධි ක්‍රියාවක් බවටයි පිලිපීනය චෝදනා කරන්නේ.

තව කියවන්​න

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් පන්දුවාර විස්සයි විස්සයි විස්ස නවතම කණ්ඩායම් වර්ගීකරණය ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පෙරමුණේ පසුවන්නේ ඉන්දීය කණ්ඩායමයි. විස්සයි විස්ස නවතම කණ්ඩායම් වර්ගීකරණයේ දෙවන තැන එංගලන්තයට හිමිව තිබෙනවා. එමෙන්ම එම ශ්‍රේණිගත කිරීම් අනුව නවසිලන්තය තුන්වන ස්ථානයේදී පාකිස්ථානය සිව්වන ස්ථානයේද පසුවනවා. ජාත්‍යන්තර පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායම් වර්ගීකරණයේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ අටවන ස්ථානයයි.

තව කියවන්​න

දිවයින පුරා විදුලිය විසන්ධි වී ඇති බව වාර්තා වනවා. පද්ධතියේ මතුව ඇති දෝෂයක් හේතුවෙන් මෙලෙස රට පුරාම විදුලිය විසන්ධි වී ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

දුප්පත්කම හෝ වෙනත් කරුණු මත සුළු වැරදි සිදු කරන පුද්ගලයින් බන්ධනාගාර ගතකරනවා වෙනුවට නිවාස අඩස්සියේ තැබීම වැනි දඬුවමක් ලබාදීම පිළිබඳව රජයේ අවධානය යොමු ව තිබෙනවා. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ සුළු වරදක් කරන පුද්ගලයින් සිරගත කරනවා වෙනුවට බැඳුම්කරයක් අත්සන් කර අදාල පුද්ගලයා ඔහුගේ දෙමාපියන් හෝ ඥාතියකුට භාරදීමේ හැකියාව පවතින බවයි. එමෙන්ම සුළු වරදක් කරන ලද පුද්ගලයින් සිරගත කරනවා වෙනුවට විදෙස් රටවල මෙන් එම පුද්ගලයින්ගේ සිරුරට චිප් එකක් සවිකර ඔවුන් යන එන ස්ථාන නිරීක්ෂණය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණය යොදා ගැනීමට ද බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

නව විදුලිබල පනත හරහා විධායක අමාත්‍යවරයෙක් නිර්මාණය වන බව විදුලිබල මණ්ඩලයේ විදුලි තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමය පවසනවා. කොළඹදී අද මාධ්‍ය හමුවක් අමතමින් එම සංගමයේ සභාපති ඒ.ජී.යූ නිශාන්ත මහතා, සඳහන් කලේ එය ඉතා නරක පුර්වාදර්ශයක් බවයි. මේ පනත තුළින් විදුලි බල ක්ෂේත්‍රයේ විදුලි ජනනය පිළිබඳ නව ප්‍රවනතා ඇති කර තිබුනද ඒ පිළිබඳ තරගකාරීත්වය නිර්මාණය කිරීමේ ක්‍රමවේදය පිළිබඳ ගැටළු සහගත බවයි ඒ මහතා සඳහන් කලේ.

තව කියවන්​න

මැදිරිගිරිය විහාරගම ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නක් හේතුවෙන් කාන්තාවක් මිය ගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 67 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය සිය පුත්‍රයා සමග අදාළ නිවසේ වාසය කර ඇති බව සඳහන්. ගින්න ඇතිවන අවස්ථාවේ පුත්‍රයා නිවසේ සිට නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

තව කියවන්​න

ගාසා තීරයේ මානුෂිය සටන් විරාමයක් ක්‍රියාත්මක කිරිම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳ ජන්ද විමසීම අද සිදුකිරීමට නියමිතයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටොනියෝ ගුටේරස් අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබුණා. ආරක්ෂක මණ්ඩලයේදී යෝජනාවට පක්ෂව ජන්දය ලබාදෙන ලෙස එක්සත් අරාබී එමීර් රාජ්‍යය, සමාජික රාජ්‍යයන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව සදහන්

තව කියවන්​න