ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේදී පසුගිය දින රුපියල් මිලියන 23 කට අධික දළ වීථි වටිනාකමින් කේරළ කංසා තොගයක් සමග 4ක් භාරයට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස 25ක් සහ 41ක් වන යාපනය පේදුරුතුඩුව සුපර්මඩම් ප්‍රදේශයේ පදිංචිකරුන්.
සැකකරුවන් සන්තකයේ තිබී කේරළ කංසා 105kgක් සහ ඩිංගි යාත්‍රා 2ක් සිය භාරයට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ .
එම සැකකරුවන් හා සැකකාරිය, කේරළ කංසා තොගය සහ ඩිංගි යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා පේදුරුතුඩුව පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරුණා.











