2026 වසර සඳහා රජයේ අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා .
මෙය ජාතික ජනබලවේග ආණ්ඩුවේ දෙවැනි අයවැයයි
ඒ අනුව 2026 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434ක්.
එළැඹෙන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ ජනපතිවරයා යටතේ පවතින මුදල් අමාත්‍යාංශයට වන අතර එය රුපියල් බිලියන 634ක් වනවා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 554ක් ද , ආරක්ෂක අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 455 ක්ද , අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 301ක් වෙන්කර තිබෙනවා.
පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, 2030 වන විට ණය බරතාව 87%ක් දක්වා ගෙන ඒමට අපේක්ෂා කරන බවයි
මේ වසර අවසන් වනවිට විදේශ සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 7කට ගෙන ඒමට අපේක්ෂිත බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා
එමෙන්ම රාජ්‍ය ආදායම 16%ක මට්ටමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පැවසුවා .
2026 වසරේ මාර්තු මාසය වන විට ඩිජිටල් වත්කම් ප්‍රකාශ කිරීමට පද්ධතියක් ප්‍රකාශ කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සදහන් කළා.
මේ අතර 2025 වසරේ සැප්තැම්බර් මාසය වනවිට ඩොලර් මිලියන 823ක ඍජු විදෙස් ආයෝජන ප්‍රමාණයක් මෙරටට පැමිණ තිබෙන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
මේ අතර අධිකරණ නිලධාරීන් සඳහා ආචාර්යධර්ම පද්ධතියක් 2026 වසරේ දී හඳුන්වා දීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා.
අවිධිමත් ක්‍රම ඔස්සේ බදු සහන ලබාදීම අහෝසි කර ඇතැයි ද පැවසු ජනාධිපතිවරයා, බදු පරිපාලනය තවදුරටත් ශක්තිමත් කරන බව ද සදහන් කළා.
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත පාර්ලිමේන්තුවට ගෙන එන බවද පැවසු ජනාධිපතිවරයා S VAT අවලංගු කර බදු යළි ගෙවීමේ ක්‍රමය විධිමත් කරන බව ද කියා සිටියා .











