ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් පසුවන අය වෙත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
නැවත ඇතුළත් වීමේ වීසා සහිතව මෙරටට පැමිණ සිටින අයවලුන්ගේ වීසා හී වලංගු කාලය එළැඹෙන මස 31 වැනි දින දක්වා දීර්ඝ කිරීඹට එරට ජනගහන හා සංක්‍රමණික අධිකාරීය තීරණය කර ඇති බවයි එහි සඳහන්ව ඇත්තේ.
ඊශ්‍රායලයට ගුවන් ගමන් ගමන් ආරම්භ කර ඇති බැවින් Re – entry වීසා මත මෙරටට පැමිණි අය Re – entry වීසා කාලය අවසන් වුවත්,
ලබන 31 දක්වා නැවත ඊශ්‍රායලයේ රැකියා සඳහා යොමු වීමේ හැකියාව පවතින බවයි දැනුම් දී ඇත්තේ.