151 වන ලෝක තැපැල් දිනය අදට යෙදී තිබෙනවා.
ඒ වෙනුවෙන් පැවැත්වෙන ජාතික සැමරුම් උත්සවය අද පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල තැපැල් සංකීර්ණ ශ්‍රවණාගාරයේදී පැවැත්වුනා.
ඒ මෙරට 56 වන තැපැල් දින ජාතික සැමරුම් උත්සවයයි.
මේ අතර තැපැල් සේවකයින් විසින් අතිකාල දීමනා වංචනික ලෙස ලබාගෙන ඇති බවට තැපැල්පතිවරයා සිදුකළ ප්‍රකාශයට විරෝධය පලකරමින් කළුපටි පැළැද අද දිනයේ සේවයට වාර්තා කරන බව තැපැල් වෘත්තීය සමිති පවසනවා.
ඒ අනුව අද පෙරවරුවේ බත්තරමුල්ල තැපැල් කාර්යාලය ඉදිරිපිටද කළු කොඩි ප්‍රදර්ශනය කර තිබුනා.
එම කාර්යාලයේ තැපැල් සේවකයින් ප්‍රකාශ කර සිටියේ තැපැල්පතිවරයාගේ ප්‍රකාශය හෙළා දකිමින් මෙලෙස කළු පටි පැළඳ රාජකාරී කටයුතු සිදු කරන බවයි.