රාගම,බටුවත්ත,මිහිඳු මාවත ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන ආමි උපුල් නැමැත්තාට මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ. ආමි උපුල් නැමැත්තා, අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේදී වෙඩි තබා ඝාතනය කරන ලද පාතාල කල්ලි සාමාජිකයෙකු වන ගණේමුල්ල සංජීව ගේ සහචරයෙකු බවද පොලිසිය සිදු කළ මුලික විමර්ශනවලිදී අනාවරණ වී තිබෙනවා. මේ අතර ලුණුවිල ප්‍රදේශයේ තිබී පිරිමි පුද්ගල මළ සිරුරක් සොයා ගත් බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මිය ගිය පුද්ගලයා සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු තොරතුරු අනාවරණ කරගෙන නොමැති බවයි. ලුණුවිල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනවා.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













