තද සුළං සහ රළු මුහුද සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද(31) දහවල් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙලන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ක් 70ක් පමණ දක්වා වැඩි විය හැකි බවත් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එසේම මෙම මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස නාවික හා ධීවර ප්‍රජාවට දැනුම් දෙන බවද අදාළ නිවේදනයේ සඳහන්.
හලාවත සිට කොළඹ හරහා ගාල්ල දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රීකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් 60ක් පමණ දක්වා වැඩි විය හැකි බවයි නිවේදනයේ දැක්වෙන්නේ.
එසේම එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවද සඳහන්.
අදාළ මුහුදු ප්‍රදේශයන්හි යාත්‍රා කරනු ලබන ධීවර සහ නාවික ප්‍රජාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන්නැයිද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කර සිටිනවා.
මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් තුනක් පමණ ඉහළ හැකි බවයි නිවේදනය සඳහන් වන්නේ.
එසේම මන්නාරම සිට පුත්තලම, කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතින බව සඳහන්.
මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන ගැන සිය අවධානය යොමු කරන ලෙසට ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කර සිටිනවා.