
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදී තිබෙනවා.
මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වශයෙන් සේපාලිකා සමන් කුමාරි සහ කීර්ති බණ්ඩාර කොටගම යන අය නම්කර තිබෙනවා..
අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම අධිචෝදනා කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ භාරදීම සිදුවුනා.
ඉන් අනතුරුව එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළා.
කෙසේ වෙතත් විනිසුරුවරයා එහිදී වැඩි දුරටත් නියම කළේ විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන බවයි.
ඉන් අනතුරුව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසත් විනිසුරුවරයා නියම කර තිබුණා.
මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා අගෝස්තු මස 05 වනදා කැඳවන ලෙසත් නියම කිරීමටයි පියවර ගෙන ඇත්තේ.














