නවදිල්ලියේදී පැවැති දෙවන ඉන්දියා – අරාබි විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක්ව තිබෙනවා.
එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අරාබි විදේශ අමාත්‍යවරුන් හමුව ඇති බවටයි සදහන් වන්නේ.
එහිදී පලස්තීනුවන්ට සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගාසා සාම සැලැස්මට ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවද අවධාරණය කර තිබෙනවා.
විදේශ අමාත්‍යවරුන් සහ අරාබි රාජ්‍ය සංගමයේ නියෝජිතයින් පිළිගැනීම සම්බන්ධව තමන් සතුටු වන බවයි මේ පිළිබඳව සිය X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙන්නේ.











