ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් බංග්ලාදේශ හිටපු නායක ෂකිබ් අල් හසන් සිය තීරණය වෙනස්කර තිබෙනවා.
මේ වනවිට වසරකට වැඩි කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් තරග ක්‍රීඩාකර නොමැති ඔහු, බංග්ලාදේශය නියෝජනය කරමින් ආකෘති තුනම ක්‍රීඩා කිරීමට කැමති බවයි යූටියුබ් නාලිකාවක් සමග පැවති සාකච්චාවකදී සදහන් කර ඇත්තේ .
අවාමි ලීග් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන ෂකීබ්, එම රජය බලයෙන් පහ කිරීමෙන් පසු 2024 මැයි මාසයේ සිට බංග්ලාදේශයට ආපසු පැමිණ නොතිබීමද විශේෂත්වයක්.
කෙසේ වෙතත් ඔහු බංග්ලාදේශයට නොපැමිණියද, මිනීමැරුම් චෝදනාවකටද නම් කර තිබුණා .
ඉන්පසු බංග්ලාදේශය නියෝජනය කරමින් ඔහු පාකිස්තානයේ සහ ඉන්දියාවේ ටෙස්ට් තරග ක්‍රීඩාකළද යලිත් සිය රටට නොයාමටයි කටයුතු කලේ .
කෙසේ වෙතත් ඔක්තෝබර් මාසයේදී බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිතව තිබූ දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලියේදී තම අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට ශකිබ් තීරණය කර තිබුණා .
කෙසේ නමුත් තරගාවලියට පෙර ෂකිබ් ඒ සදහා සහභාගී වීමට එරෙහිව ඩකාහි විරෝධතා පැවැත්වුනා .
ඒ හේතුවෙන් බංග්ලාදේශ අන්තර්වාර රජයට ඔහුට ආරක්ෂිතව රටින් පිටවීම සහතික කළ නොහැකි වූ නිසා, දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරග සඳහා ෂකිබ්ව අතහැර දැමීමටයි බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය කටයුතු කළේ.
2006 වසරේ සිට බංග්ලාදේශය නියෝජනය කරන ශකීබ් ටෙස්ට් ලකුණු 4,609ක්, එක්දින ලකුණු 7,570ක් හා විස්සයි20 ලකුණු 2,551 රැස්කර ගෙන තිබෙනවා .
ඊට අමතරව ටෙස්ට් කඩුලු 246ක්, එක්දින කඩුලු 317ක් හා විස්සයි20 කඩුලු 149කටද ඔහු හිමිකම් කියනු ලබනවා.











