බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජායිර් බොල්සොනාරෝට වසර 27ක සිරදඬුවම් පැනවීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා .
විදෙස් මාධ්‍ය වාර්තා කලේ රටට එරෙහිව කුමන්ත්‍රණය කිරීම සහ ජනාධිපති ලූලා ඩි සිල්වා ඝාතන සම්බන්ධයෙන් දැනසිටීම වැනි කරුණු සම්බන්ධව ඔහු වරදකරු කරමින් මෙම තීන්දුවට ලබා දී ඇති බවයි.
ඒ අනුව 70 වියැති බොල්සොනාරෝ, බ්‍රසීල බන්ධනාගාරයක සිරකුටියක සිරගතකර ඇති බව වැඩිදුරටත් සඳහන්.
මේ අතර බංග්ලාදේශයේ ඩකාහි නිවාස පෙළක හටගත් ගින්නකින් නිවාස 1,500ක් විනාශ වී තිබෙනවා.
ඩකාහි පැල්පත් නිවාස පෙළක මෙම ගින්න හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 19ක් පමණ යෙදවීමට සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ ගින්න මැඩපැවැත්වීම සඳහා පැය පහක පමණ කාලයක් ගත වු බවයි.













