දේශීය ලොකු ලූනු ගොවීන් මුහුණ දී සිටින ගැටලු විසඳීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳ එම ගොවීන් සමඟ සාකච්ඡාවක් ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුනා.
ඒ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්
වී වගාව කෙරෙහි දීර්ඝ කාලයක් පුරා අවධානය යොමු කරමින් වී ගොවියා ආරක්ෂා කර ගැනීමට නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කර තිබුණද අනෙකුත් බෝග පිළිබඳ නිශ්චිත වැඩපිළිවෙළක් රට තුළ මෙතෙක් සකස් කර නොමැති බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී සදහන් කලේ
එමෙන්ම දේශීය ලොකු ලූනු ගොවීන්ගේ ගැටලු විසඳීමට රජයක් ලෙස නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කෙරෙන පළමු අවස්ථාව මෙය බවත් අමත්‍යවරයා මෙහිදී සදහන් කළා.
ලොකු ලූනු ගොවීන්ගේ ගැටලුවට විසදුම් සෙවීමේදී එම ගැටලුවලට ප්‍රමුඛතාව ලබාදෙන අතරම පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට ලූනු ලබාගැනීමට අවස්ථාව සලසා දෙමින් ඊට විසදුම් සෙවීමේ අවශ්‍යතාවයද මෙහිදී අවධාරණය කර තිබෙනවා.













