ලිබියාව ආසන්න මධ්‍යධරණී මුහුදේදී බෝට්ටු දෙකක් පෙරළී යාමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය පවසන්නේ ලිබියාවේ සිට ඉතාලිය වෙත සංක්‍රමණිකයින් රැගෙන ගමන් කරමින් තිබූ බෝට්ටු දෙකක් මෙම අනතුරට මුහුණ දී ඇති බවයි.
අනතුර සිදුවන අවස්ථාව වනවිට එම යාත්‍රා දෙකේ පුද්ගලයින් සියයකට ආසන්න පිරිසක් සිට තිබුණා.
ඉන් එක් යාත්‍රාවක පුද්ගලයින් 26 දෙනෙකු සිට ඇති අතර ඔවුන් සියලුදෙනා බංගලාදේශ ජාතිකයින් බවයි වාර්තා වන්නේ.
අතර අනෙක් යාත්‍රාව තුළ සිටි පුද්ගලයින් සංඛ්‍යාව 70ක් පමණ වන අතර ඔවුන්ගෙන් බහුතරය සුඩාන ජාතිකයින් වනවා.













