වයඹදිග පැසිෆික් කලාපයේ ඇති වූ ප්‍රබල සුළිකුණාටු තත්ත්වය හේතුවෙන්, පිලිපීනයට බලපෑම් එල්ල කරමින් පුද්ගලයන් 114 දෙනෙකුට පමණ මරු කැඳවූ අතර තවත් බොහෝ පිරිසක් අතුරුදහන් වී තිබෙනවා.
කල්මේගී සුළිකුණාටුව සිකුරාදා දිනයේදී වියට්නාමයට ද බලපෑම් එල්ලකරුනු ලැබුවා.
වියට්නාමය වසරේ මෙම කාලය තුළ ගොඩබිමට කඩා වදින සුළිකුණාටුවලට ගොදුරු වීමට නැඹුරුතාවයක් දක්වන බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
තවත් සුළිකුණාටුවක් වන ෆොං-වොං කුණාටුව ඉරිදා පමණ වන විට පිලිපීනයට ඇතුලු වීමට නියමිතව තිබෙනවා.
ඒ වනවිට එය ප්‍රධාන කුණාටුවක් දක්වා ශක්තිමත් වනු ඇති බවටයි එරට කාළගුණ විද්‍යාඥයින් පුරෝකථනය කර ඇත්තේ.
උණුසුම් පුවත්
- ජූලි චන්ග් සහ හිටපු ජනාධිපති මහින්ද අතර හමුවක්
- අධිවේගයේ ධාවනය කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
- විදුලිසැර වැදී අඹුසැමි යුවළක් ජිවිතක්ෂයට
- මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනයේ යෙදෙන රියදුරන්ට දැනුම්දීමක්
- ජනපති ට්‍රම්ප්ගෙන් ඉරාන බලධාරීන්ට අනතුරු ඇඟවීමක්
- රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර නව ගිවිසුමක්
- මියන්මාරයෙන් මෙරටට සහල් පරිත්‍යාගයක්
- ජනපති සහ අගමැති ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් හමු වෙයි











