සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු පළාත්වලට අමතරව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අද පස්වරු 2ට පසු ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.
දිවයිනේ අනෙක් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින අතර, මධ්‍යම, සබරගමුව, ඌව සහ අම්පාර පළාත්වල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බවද තිබෙනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු වලින් අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.













