ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයට ආසන්යේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකුට ආසන්න පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා.
බොරළු ප්‍රවාහනය කළ ටිපර් රථයක්, බස් රථයක් හා එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ මගීන් 40 ක් පමණ ගමන් කර ඇති බවද සදහන්.
එරට පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ ටිපර් රථයේ රියදුරු සහ තවත් මගීන් අටදෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් සිටි බවයි.













