QR ක්‍රමයට තේ පොහොර ලබා දීමේ ක්‍රියාවලිය මේ වන විට ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇතැයි එම වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පවසනවා.
තේ කර්මාන්තයේ යෙදී සිටින ගොවීන්ට පොහොර සහනාධාරය ලබා දීමේදී ඇතිවන ගැටලු මගහරවා ගැනීම සඳහා මෙම QR ක්‍රමය වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය හදුන්වා දෙනු ලැබුවා.
2030 වසර වන විට ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය කිලෝ මිලියන 400ක් දක්වා සහ තේ අපනයන ආදායම ඩොලර් බිලියන 2.5ක් දක්වා ඉහළ නැංවීමේ ජාතික ඉලක්කය සපුරා ගැනීම මෙහි ප්‍රධාන අරමුණයි.
සහනාධාර තේ පොහොර බෙදාදීමේදී පැන නැගී තිබූ ගැටළු නිරාකරණය කරමින් ූඍ ක්‍රමවේදය යටතේ නව පොහොර බෙදාදීම පසුගිය ඔක්තෝබර් මස පළමුවනදා සිට දිවයින පුරා ආරම්භ කෙරුණා.
පැවති ක්‍රමවේදය යටතේ පැන නැගුණු ගැටලු ලෙස පොහොර සංස්ථාවෙන් පමණක් පොහොර ලබාදීම, පොහොර ලේකම් කාර්යාලයේ අනුමත පොහොර සමාගම් වලින් මෙම පොහොර සහනාධාරය නිකුත් කිරීම සැප්තැම්බර් මස සිට සිදු කරනු ලැබුවා.
මීට පෙර තේ පොහොර ලබා දීම සිදු කරනු ලැබුවේ ඉඩම් ප්‍රමාණය අනුවයි.
කෙසේ නමුත් මෙතෙක් ඉඩම් ප්‍රමාණය මත පොහොර ප්‍රමාණය තීරණය වුවද, මෙම ක්‍රමවේදය යටතේ මාස තුනක දළු ප්‍රමාණයේ එකතුවේ සාමාන්‍ය අගය මත පොහොර සහනාධාරයේ ප්‍රමාණය තීරණය කරනු ලබනවා.
ඒ අනුව රජය විසින් කිලෝ ග්‍රෑම් 50 පොහොර මිටියක් සදහා රු. 4000 ක මුදලක් ද, කිලෝ ග්‍රෑම් 25 පොහොර මිටියක් සදහා රු. 2000 මුදලක් ද කුඩා හා මධ්‍යම පරිමාණ තේ වතු හිමියන් වෙත ලබා දීම ආරම්භ කර තිබෙනවා.
මෙම පොහොර ලබාදීමේ ක්‍රමවේදය හරහා පසුගිය 31 වනදා වන විට අයදුම්පත් 95,230ක් ලැබී ඇති අතර අදාල දිනට ඒ අතරින් 67,056 දෙනෙකු ලියාපදිංචි කර තිබුණා.
එමෙන්ම ඒ අතරින් ගොවීන් 49,548 දෙනෙකු සඳහා QR කේතයන් ලබා දෙමින් සහනාධාර තේ පොහොර මෙට්‍රික් ටොන් 187.4 ක් ලබා දී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 49.33% ප්‍රගතියක් ලබා ඇති බවයි එම අමාත්‍යංශය වැඩි දුරටත් සදහන් කළේ.
උණුසුම් පුවත්
- එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යවරයා සහ විජිත හේරත් අතර හමුවක්
- ආයුර්වේදයට නව කොමසාරිස්වරියක්
- ගත වූ පැය 24 තුළ පොලිස් විශේෂ මෙහෙයුම්වලින් 736 ක් අත්අඩංගුවට
- නැගී එන තරු ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
- අමෙරිකාවේ ගුවන් යානා අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට
- රංජිත් වීරසිංහට රුසියානු රාජ්‍ය සම්මානයක්
- සේවකයින් බදවා ගන්නේ පුරප්පාඩු වලට පමණයි
- ෆොන්සේකා ආණ්ඩුව අගයයි











