අපරාධ රැසකට වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෝදර පොලිස් වසමේ ලෙල්ලම ප්‍රදේශයේදීයි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මොහු සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 26යි මිලිග්‍රෑම් 890ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු සමිත්පුර, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙක්.
සැකකරු සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මොහු අපරාධ රැසකට වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු බවයි.
මෙම පුද්ගලයා මෝදර පොලිස් ස්ථානයට භාර දී ඇති අතර, මෝදර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
උණුසුම් පුවත්
- නීති විරෝධී දුම්වැටි සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- ප්‍රසංගයක් බලන්න ආ 31ක් කූඩුවට
- 100 වතුර බෝතලේ 140ට විකුණලා ලැබුණු දඬුවම
- විශ්වවිද්‍යාලයේ සාදයක් අතරතුර සිසුවෙකු ජීවිතක්ෂයට
- අයිස් සහ හෙරොයින් සමග ඇල්ලූ බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට
- කුසගින්නට ගත් ආහාරයේ හක්කපටස් තිබිලා – අලි පැටවෙකු ලෙඩ වෙලා
- සීතා අම්මන් කෝවිලේ පඬුරු පෙට්ටි ආයේත් අරන් ගිහින්
- සංචාරක නියෝජ්‍ය ඇමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්













