හැලොවීන් සති අන්තය ඉලක්ක කරගත් සැලසුම් සහගත ත්‍රස්ත ප්‍රහාරයක් ව්‍යර්ථ කළ බව ,අමෙරිකාවේ ෆෙඩරල් විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂ කශ් පටෙල් නිවේදනය කර තිබෙනවා.
මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.
ඔහු ප්‍රකාශ කළේ, මිචිගන්හිදී මෙම ප්‍රචණ්ඩකාරී ප්‍රහාරය සැලසුම් කර ඇති බවයි.
මේ වන විටත් එම කලාපයේ ආරක්ශාව තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම සැකකරුවන් හෝ ඔවුන්ගේ නිශ්චිත සැලසුම පිළිබඳව කිසිදු තොරතුරක් මෙතෙක් මුදා හැර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.










