ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා නව නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙකු පත්කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කළා.
එම නිවේදනයේ දක්වා ඇත්තේ, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවයි.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය සී. අමරසේකර මහතා 2025 ඔක්තෝබර් මස 24 වන දා සිට නියෝජ්‍ය අධිපති ධූරයේ කටයුතු කරනු ඇති.
එමෙන්ම සහකාර අධිපති ලෙස සේවය කළ කේ.ජී.පී. සිරිකුමාර මහතාද 2025 නොවැම්බර් මස 03 වන දා සිට ද ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය අධිපතිවරුන් ලෙස පත් කර ඇති බවයි එම නිවේදනයේ දක්වා ඇත්තේ.
උණුසුම් පුවත්
- මහ බැංකුවේ ව්‍යවහාර මුදල් මෙහෙයුම් කටයුතු වැඩිදියුණු කිරීම පිණිස ආයතනයක්
- ඩීසල් නැව් තොග පහක් ගන්න අනුමැතිය
- එස්. එම්. රංජිත්ට එරෙහි නඩුවක් 28 කැඳවයි
- අධික වර්ෂාව හේතුවෙන් බෝග වගාවන්ට සිදු වූ හානිය පිළිබඳ ගණනය ආරම්භයි
- ට්‍රම්ප් නිසා ජපානයේ ආරක්ෂාව තර කරයි !
- රාජ්‍ය සේවයට නව පත්වීම් අට දහසක් !
- පොලිස්පතිවරයාගේ ප්‍රකාශයට විපක්ෂනායකගේ විරෝධය – VIDEO –
- කෙහෙලියට එරෙහි තවත් නඩුවකට දින දෙයි










