මෙරට රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලවන ලෙස සෞඛ්‍ය ප්‍රතිපත්තියක් මේ වන විට සකස් කරමින් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා .
අමාත්‍යවරයා මේ බව පැවසුවේ මෙරට රෝගී සත්කාර සේවාවන් ශක්තිමත් කිරීම සඳහා නවක සෞඛ්‍ය වෘත්තිකයින් 309ක් සඳහා පත්වීමේ ලිපි ප්‍රධානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් .
එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ඉදිරි වසර 10ට සරිලන ලෙස සියලු අංශ ආවරණය වන ආකාරයට සුවපත් රටක් උදෙසා මෙම සෞඛ්‍ය ප්‍රතිපත්ති කෙටුම්පත සකස් කරන බවයි .
ඒ අනුව විශේෂයෙන්ම බෝ නොවන රෝග පාලනය, ප්‍රතිකාර කිරීම, මානසික සෞඛ්‍ය පෝෂණය වැනි ක්ෂේත්‍ර සඳහාද වැඩි අවධානයක් යොමු කරන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා .
එමෙන්ම මෙයට සමගාමීව උපාය මාර්ගික සැලසුම්ද සකස් කරමින් සිටින බවත් පැවසූ අමාත්‍යවරයා මෙම වර්ෂය අවසන් වීමට පෙර එම කටයුතු අවසන් කිරීමට හැකිවෙනු ඇති බවයි අවධාරණය කළෙ
උණුසුම් පුවත්
- නිදන් සෙවූ හතරක් මාට්ටු
- දකුණට හරවලා වෙච්චි වින්නැහිය
- නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවරයින් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.
- නීතීඥවරයකුට පහරදුන් පොලිස් නිලධාරියෙක් රක්ෂිත බන්ධනාගාරයට
- ශ්‍රී ලංකා – එංගලන්ත කාන්තා ලෝක කුසලාන සටන අද
- ට්‍රම්ප්ගෙන් චීනයට 100%ක තීරු බද්දක්
- ඔසු වවමු – රට නගමු ඔසු සවිය ජාතික වැඩසටහන ඇරඹෙයි
- ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි