ඩ්‍රෝන් ආරක්ෂක පවුරක් සැකසීමේ නව ආරක්ෂක වැඩපිළිවෙළට යුරෝපා සංගමයේ නායකයින් අනුමැතිය ලබාදී තිබෙනවා.
යුරෝපා සංගමය මේ පිළිබද අවධානය යොමු කර ඇත්තේ රුසියානු ඩ්‍රෝන යානා වරින් වර සිය ගුවන් අවකාශයට අනවසරයෙන් ඇතුළුවීම හේතුවෙන් .
එම යෝජනාවට අදාළ අනුමැතිය ඩෙන්මාර්කයේ කෝපන්හේගන්හිදී පැවති යුරෝපා සංගමයේ රැස්වීමේ දී ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ‘ඩ්‍රෝන පවුර’ යනු භෞතික බිත්තියක් වෙනුවට, අනවසරයෙන් ඇතුළු වන, මිනිසුන් රහිත ගුවන් යානා හඳුනා ගැනීමට, ලුහුබැඳීමට සහ උදාසීන කිරීමට සංවේදක සහ ආයුධ ජාලයකින් සමන්විත ස්ථර සහිත පද්ධතියක්.
මෙය එක් එක් යුරෝපාසාමාජික රටවල ඩ්‍රෝන විරෝධී හැකියාවන් මත ගොඩනැගෙනු ඇති බව විදෙස් මාධ්ය් වාර්තා කර තිබෙනවා.
2022 වසරේ යුක්රේන ආක්‍රමණයෙන් පසු රුසියාව තම මහාද්වීපයේ ආරක්ෂාවට ඇති ප්‍රධාන තර්ජනයක් ලෙස යුරෝපා නායකයින් සළකනවා.
මෙම සිදුවීම් හේතුවෙන් ඔවුන්ගේ ආරක්ෂක කටයුතු ශක්තිමත් කිරීමට කටයුතු කිරීම වේගවත් වී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
මේ අතර පසුගිය දා රුසියාව විසින් පෝලන්තය හරහා ඩ්‍රෝන යානා සහ එස්තෝනියාව හරහා ප්‍රහාරක ජෙට් යානා ගමන් කරවීම මඟින් යුරෝපා කලාපයේ ගුවන් අවකාශය දැඩිව උල්ලංඝනය කර ඇති බවට යුරෝපීය බලධාරීන් චෝදනා කර තිබෙනවා.
යුරෝපයේ ආරක්ෂක හැකියාවන් වල ඇති දුබලතා පෝලන්තයට රුසියානු ඩ්‍රෝන යානා 20ක් පමණ ඇතුළු වීමෙන් අනාවරණය වූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.