මාසික ගෑස් මිල සංශෝධනය අනුව මෙම මාසයට අදාළව ලිට්රෝ ගෑස් මිලේ සංශෝධනය සම්බන්ධව එම ආයතනය දැනුම් දීමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව මෙම මාසයට අදාළව ලිට්රෝ ගෑස් මිලේ කිසිදු සංශෝධනයක් නොවන බවයි එම ආයතනය පවසන්නේ.
ඒ අනුව කිලෝග්රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුග 3,690ක් වන අතර
කිලෝග්රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක්.
කිලෝග්රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694ක් ලෙසත් නොවෙනස්ව පවතිනවා.