ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද රාත්‍රියේ අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
ඒ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 80වැනි සැසිවාරයට සහභාගිවීම සදහායි.
ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කලේ ජනාධිපතිවරයා ලබන 24 වනදා එරට වේලාවෙන් පස්වරු 3.15 ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිත බවයි.
මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සහ රාජ්‍ය නායකයින් කිහිපදෙනකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක්වනු ඇති.
එමෙන්ම ජනාධිපතිවරයා අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමඟ හමුවකට ද සහභාගී වනු ඇති.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද සහභාගී වී සිටිනවා .
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන 27 වැනිදා සිට 30 වැනිදා දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි.
ජපන් රජය විසින් සිදුකරන ලද ආරාධනාවකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරය සදහා එක්වනවා.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පැවසුවේ මෙම සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා හා ජපන් අධිරාජ්‍යයා අතර හමුවක් ද සිදුවන බවයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ටෝකියෝවේ ප්‍රමුඛතම ජපන් ව්‍යාපාර සහ ආයෝජකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ව්‍යාපාරික සංසදය ඇමතීමට ද නියමිතයි.
එමෙන්ම එක්පෝ 2025 ඔසාකා ප්‍රදර්ශනය සඳහාද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වනු ඇති.
මෙම සංචාරයේදීද ජනාධිපතිවරයා ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයින් ද ඇමතීමට නියමිතව තිබෙනවා.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී පිරිසක් ද මෙම සංචාරය සදහා සහභාගි වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.