ඊශ්‍රායලයේ රැකියාවක් සඳහා ගොස් අතරමං වී සිටින බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වූ තරුණයා අද උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.
මොණරාගල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියාවක් සඳහා මෙම වසරේ අගෝස්තු මස 9 දින ඊශ්‍රායලය බලා පිටත්ව ගොස් තිබුණා.
මොහු පිළිබඳව ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින් අගෝස්තු මස 30 දින පැමිණිලි කර ඇති අතර, ඒ අනුව සිදුකළ සොයාබැලීමේදී මොහු ජෙරුසලම ප්‍රදේශයේ රැඳී සිටියදී හමුවී ඇති බවයි සඳහන්.
විදේශ අමාත්‍ය විජිත හේරත් සහ නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර හා කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි, ඊශ්‍රායලයේ ශ්‍රි ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා විසින් කඩිනම් පියවර ගැනීමෙන් අනතුරුව මෙම තරුණයා දිවයිනට ගෙන්වා ගැනීමට හැකි වුනා.
උණුසුම් පුවත්
- ත්‍රීරෝද රියක් අඩි 25ක ප්‍රපාතයකට පෙරළෙයි
- ශ්‍රී ලංකා 19 පහළ කාන්තා කණ්ඩායම ලකුණු 138ක් ලබාගනී
- කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති මහීල් රංගජීව අභාවප්‍රාප්ත වෙයි.
- ඉරාන ජනාධිපතිගෙන් ප්‍රකාශයක්
- නාවලපිටියේ දී ත්‍රීරෝද රථයක් ගිනි ගනී
- පොලිස් විශේෂ මෙහෙයුම් අඛණ්ඩව
- අපරාධකරුවන් 30කට රතු නිවේදන
- මාරක අනතුරු කිහිපයකින් 05ක් ජීවිතක්ෂයට