අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස පත් වී අදට වසරක් සම්පුර්ණ වනවා.
2024 සැප්තැම්බර් 21 දින පැවති ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක තේරී පත් වුනා.
ඒ සමස්ත ඡන්ද 5,740,179 ක් ලබා ගනිමින්.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය වසරක දූරකාලය තුල ආර්ථිකය ස්ථාවර කර ගැනීම, ඉහළ මූල්‍ය විනය, රජයේ ආදායම් වර්ධනය කිරීම සම්බන්ධයෙන් කටයුතු කරනු ලැබුවා.
ඔහුගේ පත් වීමෙන් පසුව මෙරට , අපනයන ආදායම් වර්ධනය, සංචාරක ආදායම් ඉහළ යාම, විදේශ විනිමය ප්‍රේශන ඉහළ යාම වරාය මෙහෙයුම් සහ , රේගු ආදායම් වර්ධනය ආදී ආර්ථික ක්ශේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයකි සිදුවුනා.
නීතියේ විධානය හා ආධිපත්‍ය තහවුරු කිරීම, රාජ්‍ය කරන ආයතන ස්වාධීන කිරීම, නව අණපනත් සම්මත කිරීම, මත්ද්‍රව්‍ය හා පාතාලය මැඬලීමට පියවර ගැනීම සහ විදේශ සබඳතා ශක්තිමත් කිරීමට ගත් පියවර යනාදිය ද මෙම වසරක කාල සීමාව තුල සාධනීය කරුණු ලෙස පෙන්වා දිය හැකියි.