ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ කොළඹ මධ්‍යම බස් රථ කාර්යාලයේ අලුත්වැඩියා කටයුතු හෙට ආරම්භ කෙරෙනවා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
මගීන්ට, රියදුරන්ට හා කොන්දොස්තරවරුන්ට අවශ්‍ය පහසුකම් සැලසෙන පරිදි මෙම නවීකරණ කටයුතු සිදුකෙරෙන බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉන්දික චන්දිමාල් මහතා පවසන්නේ.
නව ව්‍යාපෘතිය යටතේ බස් නැවතුම්පොළට නව විවේකාගාර, තොරතුරු සන්නිවේදන ස්ථාන, ආරක්ෂක පද්ධති ඇතුළු අංග රැසක් ස්ථාපිත කිරීමට නියමිතයි.
බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය කෙරෙන්නේ ගුවන් හමුදාවේ තාක්ෂණයෙන් වීමත් විශේෂත්වයක් වනවා.
උණුසුම් පුවත්
- මිලියන 85ක කුෂ් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට
- විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 7 වෙනි තැනට
- ද්විත්ව ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට
- මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක අනතුරක් – 15ක් ජීවිතක්ෂයට
- මිද්දෙණියේ අයිස් රසායන වාර්තාව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට
- ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- දුර ගමන් බස් රථ සදහා තත්ත්ව පරීක්ෂණ අනිවාර්ය කෙරේ
- කොළඹ මධ්‍යම බස් නැවතුමේ සංවර්ධන කටයුතු හෙටින් ඇරfඹි