පාසල් සිසුන් එදිනෙදා ප්‍රවාහනය කිරීම සහ විනෝද චාරිකා සඳහා රැගෙන යාමේදී අනුගමනය කළ යුතු ආරක්ෂක නිර්ණායක සකස් කිරීමට ප්‍රවාහන සහ අධ්‍යාපන අමාත්‍යාංශ සැලසුම් කර ඇති බව වාර්තා වෙනවා.
පාසල් සිසුන්ගේ හා විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සඳහා විධිමත් ක්‍රමවේදයන් සැකසීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හා ප්‍රවාහන අමාත්‍යාංශය අතර ඊයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම එකඟතාවය නිර්මාණය වී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශ තහවුරු කර සිටියේ.
2026 යෝජිත අධ්‍යාපන ප්රතිසංස්කරණත් සමඟ පාසල් කාලය පැය භාගයක් දීර්ඝ වීමේදී, බස් රථ සහ දුම්රිය කාලසටහන් ඒ අනුව සංශෝධනය කිරීමට ගත හැකි පියවර සහ ඇතැම් විශ්ව විද්‍යාලයන්හි නේවාසිකාගාර විශ්වවිද්‍යාලයට දුර බැහැරින් පවතින විටදී සිසුන්ට ප්‍රවාහන පහසුකම් සැපයීමට බස් රථ යෙදවීම යනාදී විශේෂ කරුණු ගණනාවක් කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ බව වැඩිදුරටත් වාර්තා වෙනවා.