රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවල යටතේ මේ වනවිට වී මෙට්‍රික්ටොන් 40,000කට අධික ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය පවසනවා.
ඒ අනුව වැඩිම වී ප්‍රමාණයක් අම්පාර දිස්ත්‍රික්කයෙන් මිලදී ගෙන ඇති බවයි එහි සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ
අම්පාර දිස්ත්‍රිකයේ සියයට 85ක් මේ වනවිට අස්වනු නෙලා අවසන් වී ඇති අතර අනුරාධපුරය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල වී මිලදි ගැනීම ද තවදුරටත් සිදුවන බවද ඔහු කියා සිටියා .
පළමු අදියර යටතේ වී මිලදී ගැනීම සඳහා රජය මඟින් රුපියල් මිලියන 60,000ක මුදලක් වෙන් කර තිබෙනවා.
ඉන් රුපියල් මිලියන 55,000ක මුදලක් ගොවීන් වෙත ගෙවා අවසන් බවද වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා වැඩිදුරටත් සඳහන් කළා.