විසා බලපත් නොමැති ශ්‍රී ලාංකිකයන් පන්දහසක් පමණ ඊශ්‍රායලයේ රැඳී සිටින බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සදහන් කර තිබෙනවා.
එම පිරිසට විසා බලපත් ලබාදීමට ගත් උත්සාහය පසුගිය රජයන්වල අවිධිමත් වැඩපිළිවෙළ හේතුවන් මගහැරුණු බවද තානාපතිවරයා සදහන් කලා.
තානාපතිවරයා මේ බව සදහන් කලේ ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් කණ්ඩායමක් ඊශ්‍රායලයේදි හමුවු අවස්තාවෙදියි.