ඇල්ල වැල්ලවාය මාර්ගයේ අනතුරට ලක්වූ බස් රථය 2023 වසරේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ලියාපදිංචියෙන් ඉවත්ව තිබෙනවා.
එම බස් රථය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරමින් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මේ බව අණාවරණය කළා.
විනෝද චාරිකා සඳහා පමණක් භාවිත කෙරෙන බස්රථ නියාමනය කිරීම සඳහා නීති සම්පාදනය කර නොමැති බවයි ඒ මහතා අවධාරණය කළේ.
අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේ අදාළ මාර්ගයේ අනතුරු අවම කරගැනීම සඳහා ගත හැකි සියලුම පියවර මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ගෙන තිබෙන බවයි.
මේ අතර අනතුරට පත් බස් රථය පරීක්ෂා කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් තිබෙනවා.
ඊට අමතරව ප්‍රවාහන වෛද්‍ය සභාවේ සහ මාර්ග අරක්ෂාව පිළිබඳව වැඩසටහනට අනුයුක්ත ප්‍රවාහන අමාත්‍යාංශ නිලධාරීන් කණ්ඩායමක්ද අද දිනයේ අනතුරට පත් බස්රථය පරීක්ෂා කිරීම සඳහා එක් වනු ඇති.
ඇල්ල පොලිස් වසමේ ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් රැගත් බස් රථයක් පසුගිය දා අනතුරට ලක් වුනා.
ඒ එම මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව ආසන්නයේදීයි.
ප්‍රපාතයකට පෙරළී සිදුවූ මෙම අනතුරෙන් පුද්ගලයින් 15 දෙනෙකුට දිවි අහිමි වූ අතර 18 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
උණුසුම් පුවත්
- වී මෙට්‍රික්ටොන් 40,000කට අධික ප්‍රමාණයක් රජය මිලදී ගනී
- වීසා නොමැති ශ්‍රී ලාංකික 5000ක් ඊශ්‍රායලයේ
- ශෂීන්ද්‍ර රාජපක්ෂ බන්ධනාගාර රෝහලට
- පද්මෙගේ වලදැමූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන අමුද්‍රව්‍ය තොගය අද ගොඩ ගනී
- මීගමුවේ නිවසකට සහ පානදුරේ වෙළෙඳ සැලකට වෙඩි ප්‍රහාර
- උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
- ඇල්ල වැල්ලවාය මාර්ගයේ අනතුරට ලක්වූ බස් රථය සම්බන්ධයෙන්අණාවරණයක්
- ප්‍රදේශ කිහිපයකට වැසි