අමෙරිකාවේ බටහිර නිව්යෝර්ක් හි සංචාරක බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තිබෙනවා.
විදෙස්වාර්තා සඳහන් කළේ, අමෙරිකානු -කැනඩා දේශසීමාවේ නයගරා දිය ඇල්ලේ සිට නිව්යෝර්ක් නගරයට ආපසු යමින් සිටි බස්රථයක් පාලනයෙන් ගිලිහී මෙම අනතුර සිදුව ඇති බවයි.
ඉන්දියාව, චීනය සහ පිලිපීනයෙන් පැමිණි සංචාරකයින් මෙම බස්රථයේ ගමන් කර තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයින් 52 දෙනෙකු ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරත් සමඟ පුද්ගලයින් බස්රථයෙන් ඉවතට විසිවී ගොස් ඇති අතර එරට පොලීසිය පවසන්නේ බොහෝ දෙනෙක් ආසන පටි පැළඳ නොසිට ඇති බවයි.
උණුසුම් පුවත්
- නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ මහතා අත්අඩංගුවට
- හිටපු ජනපති රනිල් නිදහස් කරන ලෙසට එරික් සොල්හෙයිම්ගෙන් ඉල්ලීමක්
- දුර ගමන් සේවා බස් රථ ඒකාබද්ධ කාල සටහනක් අද සිට
- ඕස්ටේ්රලියාව ක්‍රිකට් ඉතිහාසය අලුත් කරයි
- ඉන්දියාවේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට
- ජ්‍යෙෂ්ඨ සහකාර වතු අධිකාරිවරයෙක් අභිරහස් ලෙස මියයයි
- රට රැකියා පෙන්වා කෝටි ගණන් ගැරූ අයෙක් දැලේ
- ටියුෂන් යනවා කියා බීච් ගිය සිසුන් දෙදෙනෙක් අතුරුදන්