ලොව පුරා වියළි භූමි ප්‍රමාණය ඉහළ යාම පානීය ජලය හිග වීමේ අවධානම ඉහළ ගොස් ඇති බව නවතම පර්යේෂන වාර්තාවකින් අණාවරණය කර තිබෙනවා.
ඇරිසෝනා ප්‍රාන්ත විශ්ව විද්‍යාලය මගින් ඊයේ ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාව වන සයන්ස් ඇඩ්වාන් සගරාවේ මෙම තත්ත්වය අණාවරණය කර තිබුණා.
මෙම පර්ශේෂන වාර්තාව සකස් කිරීම සදහා වසර කිහිපයක චන්ද්‍රිකා ඡායාරූප සහ දත්තයන් භාවිතා කළ බවයි එම විශ්ව විද්‍යාලය පවසා ඇත්තේ.
ඒ අනුව මේ වන විට ලෝකයේ තෙත් පරිසර කළාප වලට සාපේක්ෂය වියලි පරිසර කළාප ඉහළ ගොස් ඇති බවයි දැක්වෙන්නේ.
මෙම නිසා පානීය මිරිදිය ජලය සිදී යාමේ අවධානමක් මතු වී තිබෙනවා.
එම වාර්තාව පෙන්වා දෙන්නේ පසුගිය වසර 22 තුල ලෝකයේ ජන ගහණයෙන් සියයට 75 ක් සදහා මිරිදිය හිගයට මුහුණ දීමට සිදු වී ඇති බවයි.
ලෝකයේ රටවල් 101 ක මේ වන විට ජල හිගය ක්‍රමයෙන් ඉහළ යන බවද එම වාර්තාව අණාවරණය කර තිබෙනවා.
උණුසුම් පුවත්
- ඊසී කෑෂ් ක්‍රමයෙන් හෙරොයින් බෙදූ ජාවාරම්කරු කොටු
- පළායාමට තැත් කළ වලස් කටාට අත්වූ ඉරණම
- ගාඩ්මෝර් දිය ඇල්ලට කරන්න යන දේ සංචාරක නියෝජ්‍ය ඇමැති හෙළිකරයි
- ගාසා තීරයේ තවත් 11 දෙනෙකුට ජීවිත අහිමි වෙයි
- පොලිසියේ 6000 කට ලබන වසරේ උසස්වීම්
- වාරි ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් මිලියන 78,000ක්
- වනෝද්‍යාන බැලීමට ප්‍රවේශ පත්‍ර ඔන්ලයින් ක්‍රමයට
- ගාල්ල ධීවර වරායේ යාත්‍රා කිහිපයක ගින්නක්