පාකිස්තාන පිතිකරුවෙකු වන 24 හැවිරිදි හයිඩර් අලි ස්ත්රී දූෂණ චෝදනාවකට අදාළව එංගලන්තයේ මැන්චෙස්ටර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
පාකිස්තාන ‘A’ කණ්ඩායම (Pakistan Shaheens’) පසුගිය ජූලි මාසයේ එංගලන්තයේ සිදුකළ සංචාරය අතර තුර මෙය සිදුව ඇති බව වාර්තාවනවා
පාකිස්තාන ක්රිකට් ආයතනය මේ පිළිබඳ නිශ්චිතව දක්වා නොමැති වුවත් ඔහුගේ ක්රීඩා කටයුතු තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර තිබෙන්වා