නව විදුලි බල පනතට විරෝධය පල කරමින් විදුලි බල මණ්ඩලයේ ජාතික සේවක සංගමය අද දහවල් 12ට විරෝධතාවයක් ආරම්භ කරන බව විදුලි බල මණ්ඩලයේ ජාතික සේවක සංගම් ශාඛාවේ සභාපති උපුල් වික්‍රමආරච්චි මහතා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සදහන් කලේ මෙම පනත විදුලි බල මණ්ඩලයේ සේවකයන්ගේ සුරක්ෂිතතාවය කෙරෙහි බලපෑම් ඇති කරන බවයි .