යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කිරීම සදහා සමස්ත අධ්‍යාපන පද්ධතියේ පහසුකම් වැඩිදියුණු කල යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
එමෙන්ම ආයතනික පද්ධතියද ශක්තිමත් කළ යුතු බවයි ජනාධිඅප්තිවරයා අවධාරණය කලේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ, යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්රමුඛ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (08) පැවැති සාකච්ඡාවේදීයි.
මෙහිදී, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් ජනාධිපතිතුමා දැනුවත් කර තිබෙනවා.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යයනය කර, අවශ්‍යතා මත ප්‍රතිපාදන සැපයීමට රජය සූදානම් බවද ජනාධිතිවරයා මෙහිදී කියා සිටියා.
මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට නම් සමස්ත පද්ධතියම පූර්ණ වෙනසකට ලක් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පෙන්වා දෙනු ලැබුවා.
එහිදී, භෞතික සම්පත් සහ යටිතල පහසුකම් සංවර්ධනය මෙන්ම මානව සම්පත් සංවර්ධනය කෙරෙහිද ඉහළ අවධානයක් යොමු විය යුතු බව ජනපතිවරයා විසින් අවධාරණය කළා.
ඒ සඳහා පූර්ණ අධ්‍යයනයකින් අනතුරුව, සැලසුම් සහ අයවැය ඇස්තමේන්තු ඉදිරිපත් කරන ලෙසත්, ඉදිරි අයවැය මඟින් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර දීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
මෙම අවස්ථාවට, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න,වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියා.