ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා.
එම දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩිතද වැසි ඇති වන බවද එම නිවේදනයේ දක්වා තිබුණා.
එමෙන්ම යාපනය, මන්නාරම, අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකියි.
ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා ඇත්තේ.
උණුසුම් පුවත්
- අනිද්දා සිට ඩෙංගු මර්ධන සතියක්
- ටොයොටා සමාගම මැයි මාසයේ වාර්තාගත ආදායමක් උපයයි
- හෙලිකොප්ටර් මගින් මුහුදේ අනතුරට පත්වූවන් මුදවා ගැනීමට මෙහෙයුමක්
- දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
- දෙවුන්දර සහ කළුතරදී ධීවර යාත්‍රා දෙකක් අනතුරට ලක් වෙයි
- සැකසහිත ලෙස මියගිය කාන්තා මළසිරුරක් හමුවෙයි
- ගාල්ල සහ කළුතරදී ධීවර යාත්‍රා 02ක් අනතුරට
- අලුත් පර්යේෂණවලට ජාතික ප්‍රතිපත්තියක්