ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනාධිපති තාබෝ ම්බෙකි මහතා මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. සිය ප්‍රථම ශ්‍රී ලංකා සංචාරය මෙය බවත්, ශ්‍රී ලංකාවේ ජාතික සමඟිය හා සංහිඳියාව සම්බන්ධයෙන් පසුගිය කාලයේ තමන් උනන්දුවෙන් පසු වූ බවත් හිටපු ජනපති තාබෝ ම්බෙකි මහතා එහිදී සදහන් කර තිබෙනවා. දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව භූ ගෝලීය වශයෙන් දුරස්ථ වුවද, විවිධ ජාතීන්, ආගම් සහ සංස්කෘතින් පැවතීම හේතුවෙන් දෙරටෙහි සමානත්වයක් පවතින බවයි ඔහු එහිදී ප්‍රකාශ කර ඇත්තේ. ජාතීන් අතර සමඟිය වර්ධනය කිරීමටත්, රට මුහුණ දී ඇති ආර්ථික අභියෝග ජයග්‍රහණය කරමින් ඉදිරියට ගෙන යාමටත්, තමා ඇපකැප වී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී සදහන් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- ඉන්ධන බවසුරයක් පෙරළයි
- දුම්රියක් පීලි පනී – උඩරට මාර්ගයේ ගමනාගමනයට බාධා
- ශිරන්ති රාජපක්ෂගේ සහෝදරයෙක් අත්අඩංගුවට
- ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානයෙන් මෙහෙයුමක්
- මාලිමාවයි දුරකථනයයි එක්වී කුකුලා පන්නයි
- අධ්‍යාපන අමාත්‍යංශයෙන් පණිවුඩයක්
- නව භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවාවක් චීනයේ සිට කටුනායකට
- මාලිමාවේ මන්ත්‍රීවරු දෙදෙනෙක් පැහැරගෙන ?