බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවල මිලිමීටර 50 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි අතර අනුරාධපුරය සහ මාතලේ යන දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එමෙන්ම ඌව සහ නැගෙනහිර යන පළාත්වල ද අද පස්වරු කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද සඳහන්. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර 30 ක 40 ක පමණ තරමක තද සුළං ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
උණුසුම් පුවත්
- කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික්ටොන් 40000ක් ආනයනයට නිර්දේශයක්
- ලුණු සඳහා උපරිම සිල්ලර මිලක්
- හිටපු සෞඛ්‍ය ලේකම් චන්ද්‍රගුප්ත අත්අඩංගුවට
- කෙහෙළිය ඇතුළු 12කට අධිචෝදනා
- යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ
- පැය 24 ක් තුල ගාසා තීරයේ පුද්ගලයින් 90 දෙනෙකු ජීවිතක්ෂයට
- මත්ද්‍රව්‍ය ළඟ තබාගත් දකුණු අප්රිකානුවාට ලැබුණු තීන්දුවට
- ජාතික බලශක්ති දිනය බලශක්ති අමාත්‍ය ප්‍රධානත්වයෙන්