ඉරානය සහ ඊශ්‍රායලය අතර දින දොළහක කාලයක් පැවති යුද ගැටුම් මේ වන විට සමනය වෙමින් පවතිනවා. ඒ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෘජු මැදිහත්වීමෙන් ඇති කර ගත් ඉරාන – ඊශ්‍රායල සටන් විරාමය ක්‍රියාවට නැංවීමත් සමගයි. ආරම්භයේදී වඩාත් දුර්වල ස්වභාවයක් ගත් එම සටන් විරාමය කඩ වීමේ අවදානමක් මතු වූයේ සටන්විරාම කොන්දේසි නොතකා ඉරානය, තමන් දෙසට මිසයිල ප්‍රහාර එල්ල කළ බවට ඊශ්‍රායලය කළ චෝදනාව හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ. කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපතිවරයා කෝපයට පත්කරමින් ඊට එරෙහිව ප්‍රතිචාර දැක්වූ ඊශ්‍රායලයද, ඉරානයේ රේඩාර් මධ්‍යස්ථාන කිහිපයක් වෙත ප්‍රහාර එල්ල කරනු ලැබුවා.
උණුසුම් පුවත්
- මුහුදුබඩ මාර්ගයේ දුම්රිය අවලංගු කිරීමක්
- විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින් එක්ව විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක්
- රාගමින් කෝටි 14ක මත්ද්‍රව්‍ය අල්ලයි
- උතුරු කොරියාව ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියක් අත්හදා බලයි
- මහවැලි ගඟේ ගිලී තරුණයෙකු මරුට
- තැපැල් සේවකයින් සහ විෂය භාර ඇමති අතර අද සාකච්ඡා
- වනජීවී දෙපාර්තුමේන්තුවෙන් දැනුම්දීමක්
- පොලිස් නිලධාරීන් 51 කට උසස් වීම්