රට තුළ කිසිදු ආකාරයක ඉන්ධන හිඟයක් ඇති නොවන බවට සහතික වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පෙන්වා දෙන්නේ මාස දෙකක කාලයක් සඳහා අවශ්‍ය ඉන්ධන ඇනවුම් මේ වන විට සහතික කර ඇති බවයි. එමෙන්ම පවතින තත්ත්වය හමුවේ නීති විරෝධී ලෙස ඉන්ධන සංචිත රැස් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.