හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේදී සිදු කරන ලද විදෙස් සංචාරයන් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්රාත් අධිකරණය හමුවේ දැනුම් දී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණය හමුවේ කරුණු වාර්තා කරමින් පවසා ඇත්තේ පොදු දේපොළ පනත යටතේ අදාළ විමර්ශනය සිදු කෙරෙන බවයි