අමෙරිකාව – ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය අද විශේෂ හමුවක් කැඳවා තිබෙනවා. අමෙරිකාව සිදු කළ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනයක් අවශ්‍ය බවට ඉරානය ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය වෙත දැනුම් දී ඇති පසුබිමක මෙම විශේෂ හමුව කැඳවීමද විශේෂත්වයක්. ඒ අනුව, අද රැස්වන ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කළේ.