එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි සැසිවාරයේදී, රුසියාව, චීනය සහ පකිස්ථානය යන රටවල් විසින් මැද පෙරදිගට, වහාම කොන්දේසි විරහිත සටන් විරාමයක් ලබා දෙන ලෙස ඉල්ලා යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. එම මණ්ඩලය ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාර හෙළා දකින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඇමෙරිකා එක්සත් ජනපදය එල්ල කළ ප්‍රහාරය චීනය දැඩිව හෙළා දකින බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා. ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිත ආයතනයේ අධීක්ෂණය යටතේ පවතින න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ මෙම ප්‍රහාරය, එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ අරමුණු සහ මූලධර්ම සහ ජාත්‍යන්තර නීතිය බරපතල ලෙස උල්ලංඝණය කරන බවටයි චීනය අවධාරණය කර ඇත්තේ. කෙසේ වෙතත් එක්සත් ජනපදයේ මෙම ක්‍රියාව මැදපෙරදිග ආතතීන් තවත් උග්‍ර කරන බවයි චීන විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
උණුසුම් පුවත්
- සොරකම් කිරිමේ සිද්ධීන් 9 කට අවශ්‍යකර සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට
- ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර
- කතරගම බලා යන පාද යාත්‍රාවට බැතිමතුන් 16,000කට වැඩි පිරිසක්
- ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින් තුන්දෙනෙකු හෙට දිවයිනට
- ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරයට
- බුත්තල ප්‍රදේශීය සභාවේ බලය සජබට
- අධිකරණ අමාත්‍යවරයා බන්ධනාගාර ප්‍රධානීන් හමුවෙයි.
- අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්