මොරගොඩ පොලිස් වසමට අයත් නාවක්කුලම ප්රදේශයේ ඇති කෝවන්කුලම වැවේ මසුන් ඇල්ලීමට ගිය ගෝමරන්කල්ල ගලෙන්බිඳුණුවැව ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 43 ක් වන පුද්ගලයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා
මෙම මියගිය පුද්ගලයා සහ තවත් පුද්ගලයෙකු සමග ඊයේ දහවල් කාලයේ දී මෙම වැවට මසුන් ඇල්ලීම සදහා ගොස් තිබූ අතර එම අවස්ථාවේදී දෙදෙනාම වැවට බැස තිබෙනවා.එම අවස්ථාවේ දී වැවෙහි ගැඹුරු ස්ථානයකට වැටී දියේ ගිලී යාමෙන් මෙම පුද්ගලයා මියයන්නට ඇති බව මොරගොඩ පොලිසිය පවසනවා.
මේ සම්බන්ධයෙන් මොරගොඩ පොලිස් ස්ථානය විසින් එම ස්ථානයට ප්රදේශයේ සිටින හදිසි මරණ පරීක්ෂකවරයා කැදවා පරීක්ෂණ කටයුතු සිදුකෙරුණු අතර මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය මේ වන විට යකල්ල හුරුළුවැව ප්රාදේශීය රෝහලේ මෘතශල්යාගාරයේ තැන්පත් කර ඇති බවත් අද (20) දින අනුරාධපුර ශික්ෂණ රෝහලට මෘත ශරීරය රැගෙන ගොස් පෂ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත බවත් සඳහන්.