උසස්වීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් අද මැදියම් රැයේ සිට පැය 48 ක සංකේත වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමය පවසනවා. සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අද පෙරවරුවේ දුම්රිය බලධාරින් සමග පැවත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ඉදිරි ක්රියාමාර්ග තීරණය කරන බවයි එම සංගමයේ ලේකම්, කේ.ඩි.දුමින්ද ප්රසාද් මහතා පෙන්වා දෙන්නේ.