බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අදත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඌව පළාතෙත්, අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලත් අද පස්වරු කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරු-මැද, දකුණ සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර 30 ක 40 ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද සඳහන්. මේ අනුව ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
උණුසුම් පුවත්
- කතානායක සහ නේපාල පාර්ලිමේන්තු දූත පිරිසක් අතර හමුවක්
- එයාර් ඉන්දියා ගුවන් ගමන්වලින් 15%ක් කප්පාදුවට
- කොළඹ කොටස් වෙළදපොලට නව සභාපතිවරයෙක්
- කොළඹ කොටස් වෙළෙඳපොලේ නව සභාපති පත් කෙරේ.
- පැතුම් නිශ්ශංක සිය 3වන ටෙස්ට් ශතකය රැස්කරයි
- බඹර ප්‍රහාරයකින් 12 දෙනෙකු රෝහලට
- තඹලගමුව, පන්විල සහ අරණායක බලය පිහිටවපු ආකාරය
- වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ, චීන-දකුණු ආසියා 9 වැනි ප්‍රදර්ශනයට එක් වෙයි