තුන්වන පාර්ශ්වයක් හරහා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක ඇතුළු සැකකරුවන් තිදෙනා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් අදාළ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් තිදෙනා එම කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ රාත්‍රියේ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා හමුවට ඉදිරිපත් කර තිබුණා. අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා තිබෙනවා. එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා අදාළ සැකකරුවන් ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කර ඇත්තේ.
උණුසුම් පුවත්
- ඉරානයේ සියලුම ගොඩබිම් දේශසීමා හරස් මාර්ග විවෘත කෙරෙයි.
- හයිද්‍රාබාද් ගුවන් තොටුපළට බෝම්බ තර්ජනයක්
- අතහැර දමා ගොස් තිබු සුඛෝපභෝගී වෑන් රථයක් හමු වෙයි.
- සජබ කොලොන්නා බල කනුවගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි වෙයි.
- දිවයිනට පැමිණි හොලිවුඩ් නළු ජෙරමි අයන්ස්
- චීන කොමියුනිස්ට් පක්ෂයෙන් සහතිකයක්
- කප්පම් ඉල්ලූ දෙදෙනෙකු අත්අඩංගුවට
- බූස්සේ රැඳවියන් 5ක් වහළයට නැග විරෝධයක