බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අදත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි. එමෙන්ම ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලත් අද පස්වරු කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද සඳහන්. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුර, උතුරු-මැද, දකුණ සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර 30 ක 40 ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. තවද ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
උණුසුම් පුවත්
- ඉරානයේ සියලුම ගොඩබිම් දේශසීමා හරස් මාර්ග විවෘත කෙරෙයි.
- හයිද්‍රාබාද් ගුවන් තොටුපළට බෝම්බ තර්ජනයක්
- අතහැර දමා ගොස් තිබු සුඛෝපභෝගී වෑන් රථයක් හමු වෙයි.
- සජබ කොලොන්නා බල කනුවගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි වෙයි.
- දිවයිනට පැමිණි හොලිවුඩ් නළු ජෙරමි අයන්ස්
- චීන කොමියුනිස්ට් පක්ෂයෙන් සහතිකයක්
- කප්පම් ඉල්ලූ දෙදෙනෙකු අත්අඩංගුවට
- බූස්සේ රැඳවියන් 5ක් වහළයට නැග විරෝධයක